යක්කල ඇසල මහා පෙරහැර

පාලි පරිහාර ශබ්දාර්ථයෙන් බිදිමින් සිංහල භාෂා ව්‍යාවහරයෙහි එන පෙරහැර යන්නෙහි වාචික වචනාර්ථ කීපයක්ම දක්නට ලැබේ. ඉන් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ හා සෙසු උතත්මයන් උදෙසාත් දළදා වහන්සේ වැනි පූජ්‍ය වස්තූන් විෂයෙහිත් ගෞරව පුද සත්කාරය පිණිස කසකරුවන්, කොඩි සේසත් ගත්තවුන්, නැට්ටුවන්, පංච තූර්ය වාදකයන්, අලි ඇතුන් ආදීන් පෙළට යෑම අර්ථ ගැන්වී දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාර පිණිස පෙළට යාම දළදා පෙරහැර හෙවත් ඇසළ පෙරහැර නමින් ප්‍රචලිතව පවතී.

යක්කල ඇසළ මහා පෙරහැරේ දර්ශන

යක්කල ඇසළ මහා පෙරහැර මංගල්‍යය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැ`ද ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහැර මංගල්‍යයකි. මෙකී පෙරහැර ආරම්භ වූයේ 1989 වසරේ ඇසළ පුන් පොහෝ දිනයේදීය. යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලැබූ බෝධි ප්‍රාකාරය විවෘත කිරීම නිමිති කොට සතර පේරුවේ දායක කාරකාදීන් විසින් සතර දිසාවෙන් පෙරහැර හතරක් විහාරස්ථානයට ගෙවදීමට නියමිතව තිබුණි. එදින යක්කල පේරුවෙන් කේ.ඩබ්ලිව්.ස්වර්ණලතා මහත්මිය විසින් අසල්වැසි කුඩා දරුවන්ගේ පෙරහැරක් ලෙසින් බෞද්ධ කොඩි, ජාතික කොඩි, ලී කෙලි, නර්ථන කණ්ඩායම්, කාවඩි නර්ථනයක් ද සම`ග කුඩා මල් පෙරහැරක් ඉතා අලංකාරවත්ව වීථී සංචාරය කර විහාරස්ථානයට ගෙවදුණි.


ප්‍රධාන සංවිධායිකාවගේ පණිවිඩය

වෂී 2017 ක් වූ අගෝස්තු මස 19 වෙනි දින රාත්‍රී පැවැත්වෙන 28 වෙනි ඇසළ පෙරහෙරයි. එදා එනම් වෂී 1989 ක් වූ ඇසල පුන් පොහොය දින කුඩා නමුත් අලංකාරවත් ලෙස මාගේ සංවිධානයෙන් ප්‍රදේශවාසී හිතමිතුරන් එක්ව පැවැත්වූ මල්පෙරහැර මේ වනවිට සිරිලක පුරා ප්‍රසිද්ධ "යක්කල ඇසල පෙරහැර" නමින් 28 වැනි වියට පා තබා ඇති බව ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටකිනි. එය මා හට පමණක් නොව සමස්ත ප්‍රදේශවාසී සැමටත්, මා හට නන් අයුරින් සහය දක්වන සැමටත්, ඉමහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයක් වන බව සඳහන් කරමි.

යක්කල ඇසල පෙරහැර මේදක්වා පවත්වාගෙන යාමට ආධාර උපකාර කරන අසල්වැසි ජනතාවටත්, ව්‍යාපාරික ප්‍රජාවටත්, රාජ්‍ය ආයතන වලටත්, රාජ්‍ය නොවන ආයතන වලටත්, විශේෂයෙන් ගම්පහ දිසාපති තුමාටත්, ප්‍රාදේශීය ලේකම් තුමියටත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවටත්, බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයටත්, පෙරහැරේ ආරක්ෂක කටයුතු සඳහා ඇපකැප වී කටයුතු කල ගම්පහ පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත්, ප්‍රදේශය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ටත්, ගම්පහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඇතුළු නියෝජිත මහතුන් සහ නිලධාරී මහතුන් සැමගේ සහයෝගය නොඅඩුව ලබාදෙන අතර විශේෂ කාර්යභාරයක් වන ආධාර මුදල් එකතු කිරීම සඳහා පෙරහැර වෙනුවෙන් ඇපකැප වී සහයෝගය ලබාදෙන සියලුම සාමාජික මහත්ම මහත්මීන් මා මේ අවස්ථාවේ නිහතමානීව සිහිපත් කරමි.

නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ අපමණ වෙහෙසක් දරා ඉදිරියට පවත්වාගෙන යන ඇසළ පෙරහැර සඳහා උදව් උපකාර කරන අය මෙන්ම අවට විහාරස්ථාන වල වැඩ වාසය කරන මහා සංඝරත්නයේ ආශිර්වාදය මෙන්ම සහයෝගය ලැබීම මා හට ශක්තියක් ධෛර්යක් වනබව නමස්කාර පූර්වකව ප්‍රකාශ කරමි. ලොකු කුඩා සැමගේ සිත් සතන් දැහැමි සිතුවිලි වලින් උද්දීපනයට පත්කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් හැකි උපරිම අයුරින් පෙරහැර පැවැත්වීම මාගේ ඒකායන අරමුණ වන අතර මෙම උතුම් කාර්ය සඳහා විශාල මුදල් සම්භාරයක් වැය කිරීමට සිදු වන බැවින් ඔබ සැමගේ පිං බර දෑත ඇසළ පෙරහැර වෙත දිගුකර උපරිම සහයෝගය අධාරය මේ වසරේ පෙරහැරට ලබාදී මෙම උතුම් කාර්ය ඉදිරියටත් කරගෙන යාමට ඔබ සැමගේ ආශීර්වාදය සහයෝගය පුණ්‍යානුමෝදනා පූර්වකව ඉල්ලාසිටිමි.

සෙලාන් බැංකුව : 03500 56779 20101
මහජන බැංකුව : 33320 01800 18093
ලංකා බැංකුව : 7922 6885



" ඔබ සැමට තෙරුවන් සරණයි.! සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා..!! "
ප්‍රධාන සන්විධායිකා, සාම විනිසුරු
කේ. ඩබ්. ස්වර්ණලතා.

ධාතූන් වහන්සේලා තැන්පත් කරඬුව වැඩම කරවීම

තවදුරටත් නැරඹීමට

ධාතු කරඬුව මංගල හස්තියා මත තැන්පත් කිරීම

තවදුරටත් නැරඹීමට

පෙරහැර සඳහා සූදානම් කරවූ මංගල හස්ති රාජයා

තවදුරටත් නැරඹීමට



දිනෙන් දින විචිත්‍ර වෙමින් පැවති පෙරහැර 1995 වසරේදී බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නීතිමය රාමුවක් යටතේ පවත්වා ගෙන යාමට ප්‍රධාන සංවිධායකතුමිය කටයුතු කරන ලදී. එමගින් යක්කල ඇසළ මහා පෙරහැර රජයේ පිළිගත් පෙරහැරක් ලෙස කළ එළි දැක්වීමට පියවර ගත් ප්‍රධාන සංවිධායකතුමිය පෙරහැර නව මාවතක් ඔස්සේ මේ දක්වා රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඇයගේ උපරිම උත්සාහය ගත්හ.
ගම්පහ සාම විහාරාධිපති අපවත් වී වදාළ දරමිටිපොළ රතනසාර නාහිමි පෙරහැරේ වැඩම වීම ස`දහා සධාතුක කර`ඩුව ලබා දුන් අතර නුවර ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කර`ඩුව වඩමවනු ලබන නැදුන්ගමුවේ රාජා හස්ථී රාජයා කර`ඩුව වැඩම වීම ස`දහන් පෙරහැරට සහභාගි කර වීම ද යක්කල ඇසළ මහා පෙරහැරේ ගෞරවය, අලංකාරය සහ පෞඩත්වය තව තවත් වැඩි වීමට හේතු සාදකයක් විය.
මෙසේ වසර 15 කටත් අධික කාලයක් සිට මේ දක්වා ද නැදුන්ගමුවේ රාජා හස්ථී රාජයා පෙරහැරේ සධාතුක කර`ඩුව වැඩම වීම යක්කල ඇසළ මහා පෙරහැර ලත් භාග්‍යයක් ලෙසත් ඉතිහාසයට එක් වීමටත් හේතු සාධකයක් විය.

යක්කල ඇසළ මහ පෙරහැර ආරක්ෂක කටයුතු ගම්පහ පොලිස් මූලස්ථානයේ සහයෝගය ඇතිව සිදුවන අතර, පෙරහැර දිනෙන් දින දියුණු කිරීම ස`දහා රාජ්‍යය හා රාජ්‍ය නොවන ආයතන, යක්කල, ගම්පහ ප්‍රදේශවාසීන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය නිබදව හිමිවේ.
දැනට ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ප්‍රධාන පෙළේ පෙරහැරවල් අතුරින් යක්කල ඇසළ මහ පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එයට ප්‍රධාන හේතුව එහි ප්‍රධාන සංවිධායක කටයුතු සිදුවන්නේ කාන්තාවකගේ මූලිකත්වයෙන් වීමයි. කේ.ඩබ්ලිව්.ස්වර්ණලතා මහත්මියගේ (කාන්ති අක්කා) අප්‍රතිහත ධෛර්යයෙන් අද දක්වාත් මනරම්, ආශ්චර්යජනක පෙරහැරක් ප්‍රදේශවාසීන්ටත් මෙන්ම ලංකාවාසීන්ට නැරඹීමට අවශ්‍ය සියලූ කටයුතු නිබදව සූදානම් වෙමින් පවතියි.